Saturday, January 30, 2016

1. සිවිල් ගුවන් සේවය යනු කුමක් ද?

ගුවන් සේවය කියලා හන්ඩුන්වන්නෙ, අහසේ ගමන් කල හෑකි යානයක් යොද ගනිමින් ස්ථාන දෙකක් අතර එක මගියෙකු හෝ මගීන් කිහිප දෙනෙකු එකවර රෑගෙන යාමයි. යොද ගන්න ගුවන් යානයෙ වර්ගය සහ, අදාල ගුවන් ගමනෙ අරමුණ අනුව ගුවන් සේවය ප්‍රධාන කොටස් දෙකකට බෙදල දක්වන්න පුලුවන්.

1. සිවිල් ගුවන් සේවය.
2. යුධ කටයුතු සඳහා යොදා ගනු ලබන ගුවන් සේවය.

*සිවිල් ගුවන් සේවය කියල අදහස් කරන්නේ, හමුදාව හා සම්බන්ද නොවන ඕනෑම ගුවන් ගමන් වර්ගයකට. නියමිත ගුවන් සමාගමකට මුදල් ගෙවා වෙන් කරගත් ආසනයක එක නගරයක සිට තවත් නගරයක් දක්වා ගුවන් යානයක් යොද ගනිමින් සාමාන්ය ජනතාව විසින් සිදු කරනු ලභන ගුවන් ගමන් ලෙස මෙය තව දුරටත් සරල කරල කියන්න පුලුවන්. ලෝකයේ වේගවත්ම සහ වඩාත්ම ආරක්ශාකාරී ප්‍රවාහන මාධ්‍ය ලෙස සිවිල් ගුවන් සේවය හඳුන්වා දෙන්න පුලුවන්.

* යුද කටයුතු සඳා යොදා ගන්න විශේෂ ජෙට් වර්ගයෙ ගුවන් යානා යොද ගනිමින් සිදු කරනු ලබන ගුවන් ගමන් මිලිටරි ගුවන් ගමන් කටයුතු ලෙසට හඳුන්වන්න පුලුවන්. සාමන්න්යයෙන් පහර දීමකට හෙරුනු විට, තමන්ගෙ රටෙ ගුවන් සීමාව ඉක්මවා යන්න මිලිටරි ගුවන් ගමන් සඳහා අවසර නෑහෑ. 

මම මේ බ්ලොග් එක තුලින් සිවිල් ගුවන් සේවය පිලිබඳව කතා කරන නිස මිලිටරි ගුවන් යානා පිලිබඳව කතා කරන්නේ නෑහෑ.

සිවිල් ගුවන් සේවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්.

1. පෞද්ගලික ගුවන් ගමන්
2. වාණිජ ගුවන් ගමන්

පෞද්ගලික හෝ වාණිජ ගුවන් ගමන් සඳහා ඕනෑම රටක් ජාත්යන්තර සිවිල් ගුවන් සෙව සමාගමෙ සාමජිකත්වය ලබා ගෑනීම අනිවාර්ය වෙනවා. ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සමාගමේ මූලික අරමුණ වන්නේ සියලුම ගුවන් ගමන් කටයුතු සම්මත පොදු නීති රීති මාලාවකට යටත්ව පවත්වා ගෑනීමයි. 

සිවිල් ගුවන් ගමන් තවත් ප්‍රදාන කොටස් දෙකක් යටතේ වර්ග කොට දෑක්විය හෑකීයි. එනම්,

1. නිශ්චිත කාල සටහනකට අනුව පවත්වාගෙන යනු ලබන ගුවන් ගමන්.

2. නිශ්චිත කාල සටහනකින් තොරව සිදු කරනු ලබන ගුවන් ගමන්.

නිශ්චිත කාල සටහනකට අනුව පවත්වාගෙන යනු ලබන ගුවන් ගමන් ලෙස හඳුන්වන්නේ, අපි හෑමෝම දන්න සාමාන්ය ගුවන් ගමන්. මෙම ගුවන් ගමන් මිනිසුන් හෝ භාන්ඩ ප්‍රවහනය සඳහා නියමිත වෙලාවකට අනුව, නියමිත ගුවන් ගමන් වාර අන්කයක් යටතේ
නියමිත නගර දෙකක් අතර සිදු කරනු ලබන ගුවන් ගමන්. උදාහාණයක් ළෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කොලබ සිට ලන්ඩන් හීත්‍රොව් ගුවන් තොටුපල දක්වා දිනපතා සවස 1.ට කොලබින් පිටත්ව ලන්ඩන් වේලාවෙන් සවස 7.30 වන විට ගොඩ බෑස්වීමට නියමිත UL503 ගුවන් ගමන හඳුන්වා දෙන්න පුලුවන්.

පහත තියෙන සිතියමෙන් දැක්වෙන්නෙ ලෝකයේ කාලසටහනකට අනුව ගමන් ගන්නා ගුවන් ගමන් මාර්ග සිතියම.
















එතකොට පහත වීඩියෝවෙන් බලාගන්න පුලුවන් පැය 24ක් ඇතුලත කොච්චර ගුවන් ගමන් ප්‍රමානයක් ලෝකය පුරා සිදු වෙනවද කියලා.




ඉතින් අදට මේ ඇති කියල මන් හිතනවා. කැමති අය ඉන්නවනම් කියවන්න. ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

ඉක්මනටම හමු වෙනකම්,

ගිහින් එන්නම්!

No comments:

Post a Comment